සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homepolice newsමත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම්

රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාත් මෙහෙයුම් ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී.

2025-08-03 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6062 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර ඇත. එහිදී පුද්ගලයන් 25870 දෙනෙක්ද වාහන 10423ක්ද යතුරු පැදි 7846ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

එකී වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකුද වරෙන්තකරුවන් 371 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

එකී මෙහෙයුම් තුළදී දේශියව නිශ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 03ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් පුලූල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 110ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3202ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.

ඒ අතර ශ‍්‍රී ලංකා පොලීසියේ වයඹ පළාත් අපරාද කොට්ඨාසය විවෘත කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2025-08-03 වන දින කුරුණෑගලදී සිදු කෙරිණ. රටතුළ ක‍්‍රියාත්මක සංවිධානාත්මක අපරාද මර්ධනය කිරීම මෙම නව අපරාද කොට්ඨාස විවෘත කිරීමේ අරමුණයි.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් මර්දනය කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ‍්‍රී ලංකා පොලීසියේ හා ත‍්‍රිවිධ හමුුදාවේ මැදිහත් වීමත් මත සෝදිසි මෙහෙයුම් දෛනිකව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments