සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආරක්ෂක පුවත්ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්...

ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිතුමාගේ ඇගයීමට..

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2025 වර්ෂයේ ජාතික හා ජාත්‍යන්තර තරඟයන්ගෙන් ලැබු තරඟ ජයග්‍රහණයන් ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයිමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී ජාතික ශූරතාවන් ජයග්‍රහණය කල කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම, කාන්තා කබඩි කණ්ඩායම, කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම හා 13 වන ආරක්ෂක සේවා ශූරතාවන් ජයග්‍රහණය කල පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම, පිරිමි බේස් බොල් කණ්ඩායම, පිරිමි බීච් වොලිබොල් කණ්ඩායම, පිරිමි කායවර්ධන කණ්ඩායම, කාන්තා බොක්සිං කණ්ඩායම, කාන්තා හොකී කණ්ඩායම, පිරිමි පැරෂූට් කණ්ඩායම, කාන්තා පාපන්දු කණ්ඩායම, කාන්තා පිහිනුම් කණ්ඩායම, තුන්ප්‍රයාම කාන්තා සහ පිරිමි කණ්ඩායම, ජල පන්දු කාන්තා සහ පිරිමි කණ්ඩායම, වූෂු කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානයක් එක්කල 2025 වර්ෂයේ ඹස්ට්‍රෙලියාවේ පැවති Perth Track Classic මලල ක්‍රිඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් රන් පදක්කම හා ඉන්දියාවේ පැවති Neeraj Chopra Classic 2025 තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ගුවන් භට රුමේෂ් තරංග හා 2025 ආසියානු මලල ක්‍රිඩා තරගාවලියේදී කාන්තා 400m හා 400m මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනාගත් ගුවන් කාන්තා නිශේන්ද්‍රා ප්‍රනාන්දු හා 09 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ දක්ෂතා දැක් වූ ගුවන් භට බ්‍රියොන් ඊ, කෝප්‍රල් දිල්හාන් ඩබ්ලිව්.එම්.එස්.සී, නායක ගුවන් කාන්තා ප්‍රනාන්දු පී.එච්.ආර්, ගුවන් භට පීරිස් ටී.එච්.ඩී, ගුවන් කාන්තා සශිකලා යූ.වී.එච්.ඩී යන ගුවන් හමුදා කරාතේ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 200කට ආසන්න ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමින් ඇගයිමට ලක් කරන ලදි.

තවද උපාය මාර්ගික ක්‍රමෝපායන් නිසි ලෙස ක්‍රියාත්මක කොට, ජයග්‍රහණයන් විජයග්‍රහනයන් බවට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩා ජයග්‍රහන සඳහා උරදුන් පුහුණුකරුවන් වන මලල ක්‍රිඩා පුහුණුකරු ප්‍රසන්න මහතා හා කේ ඒ ආර් තීක්ෂණ මහතා, ගුවන් හමුදා කරාතේ කන්ඩායමේ පුහුණුකරු සැරයන් එඩ්වඩ්, ගුවන් හමුදා අත් පන්දු කණ්ඩායමේ පුහුණුකරු බලපන්ති සැරයන් ආර් එම් ආර් ඩී රත්නායක, ගුවන් හමුදා බර ඉසිලීමේ පුහුණුකරු ජී එස් එන් ගමගේ යන පුහුණු කරුවන් හටද ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමමින් ඇගයිමට ලක් කරන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments