සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) අන්තර් පීඨ ,නාට්‍ය අවසන් මහා තරඟාවලිය 2025

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) අන්තර් පීඨ ,නාට්‍ය අවසන් මහා තරඟාවලිය 2025

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය,
සමාජීය විද්‍යා හා මානව විද්‍යා පීඨය (FMSH), ස්ත්‍රීපුරැෂ සාධාරණත්වය හා
සමානාත්මතාවය පිළිබද මධ්‍යස්ථානය (CGEE) හා ඉංග්‍රීසී සාහිත්‍ය ශිෂ්‍ය
සංගමය (ELC) එක්ව අන්තර් පීඨ වේදිකා නාට්‍ය තරගාවලියක් පසුගිය දා
සංවිධානය කරන ලදී. උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (VSV, USP,
psc, MMaritimePol, BSc (DS)), මහාචාර්ය සෞම්‍ය ලියනගේ හා රංගනවේදී උමාලි
තිලකරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි.
මෙම අවස්ථාවට කළමනාකරණය, සමාජීය විද්‍යා හා මානව විද්‍යා පීඨයේ (FMSH)
පීඨාධිපතිනි ආචාර්ය ලක්ෂිකා ලියනගේ, ස්ත්‍රීපුරැෂ සාධාරණත්වය හා
සමානාත්මතාවය පිළිබද මධ්‍යස්ථානයේ (CGEE) අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂා
වෙදසිංහ, පීඨාධිපතිවරුන්, අධ්‍යක්ෂවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය
මණ්ඩලය හා විශාල සිසුන් සංඛ්‍යාවක් ද සහභාගි විය. වැඩසටහනේ ප්‍රධාන
සම්බන්ධීකරණය කථිකාචාර්ය මනුරි පබසරී වලේබොඩ මෙනවිය විසින්
සිදුකරන ලදී.
අදියර කිහිපයක් යටතේ පැවැති මෙම වැඩසටහනෙහි පළමු අදියරේදී නාට්‍ය
පිටපත් තරගාවලියක් පැවැත්වුණි. ඉන් තෝරාගත් නාට්‍ය පිටපත් ප්‍රමුඛ
කණ්ඩායම් සදහා නාට්‍ය වැඩමුළුවක් ඉන් පසුව පැවැත්වුණි. මෙම වැඩමුළුව
ප්‍රවීන රංගන ශිල්පී කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය හා නිලංක දහනායක
මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි.
ඉන් අනතුරුව අර්ධ අවසාන පූර්ව වටය සදහා නීති පීඨය (FOL), සම සෞඛ්‍ය
විද්‍යා පීඨය (FAHS), කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව විද්‍යා පීඨය (FMSH)
හා තාක්ෂණ පීඨය (FOT) යන පීඨ 04ක නාට්‍ය කණ්ඩායම් 6 ක් තරග වදින
ලදී. ඉන් අවසන් වටය සදහා නීති පීඨය (FOL) හා සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ
(FAHS) නාට්‍ය 04 සුදුසුකම් ලැබීය. ඒ අතර දමිල නාට්‍යක් තිබීම ද
විශේෂත්වයකි.
ඒ අනුව අවසන් වටයේ ජයග්‍රහනය ලබා ගත් කණ්ඩායම් පහත පරිදි වේ.
 ප්‍රථම ස්ථානය – තීන්දුව (FOL)
 දෙවන ස්ථානය – විලංකු (දෙමළ නාට්‍ය -FOL)
 තෙවන ස්ථානය – දෙවියන්ගේ පාඩම (FAHS)
 සිව්වන ස්ථානය – ගැහැනු පිරිමි (FOL)
 හොදම නළුවා – කවීන් ජයසුන්දර – තීන්දුව (FOL)
 හොදම නිළිය – S.B.P. විජේසූරිය – දෙවියන්ගේ පාඩම (FAHS)
 හොදම සහය නළුවා – ස්ටීව් ගෝමස් – තීන්දුව (FOL
 හොදම සහය නිළිය – දැහැමි සතරසිංහ – විලංකු (දෙමළ නාට්‍ය -FOL)

 ජනප්‍රියම වේදිකා නාට්‍ය – දෙවියන්ගේ පාඩම (FAHS)
 හොදම නාට්‍ය පිටපත සදහා වූ සම්මානය – SPDHS සේනාධීර – අදුරෙන්
උපන් ආලෝකය (FOT)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments