සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්"මුල්ලේරියාව වෙල" සංවර්ධනයට රජයේ අවධානය

“මුල්ලේරියාව වෙල” සංවර්ධනයට රජයේ අවධානය

වසර1562 සිදු වූ මුල්ලේරියා සටන සමඟ සම්බන්ධ ඓතිහාසික වැදගත්කමක් ඇති “මුල්ලේරියා වෙල්‍ යාය” ප්‍රදේශ ය සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

මුල්ලේරියාව සටන සිදුවී වසර 463ක් ගතව තිබුණ ද වරින් වර විවිධ අවිධිමත් ව්‍යාපෘති එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වුවත්, එහි ඓතිහාසික වටිනාකම ආරක්ෂා වන පරිදි හා ජනතාවට සේවයක් සැලසෙන පරිදි ව්‍යාපෘති සිදුව නොමැති බව නිරීක්ෂණය වී ඇත.

මෙහි මුල් භූමිය අක්කර 700කට වඩා පැවති බව වාර්තාවල සඳහන් වන අතර, මෑත කාලයේ කරන සිදු කර ඇති අවසන් මැනුම් කටයුතු අනුව එය අක්කර 150ක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව මෙම මුල්ලේරියාව වෙල් යාය ප්‍රදේශය නැවත මැනුම් කටයුතු කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම එම ප්‍රදේශය ජනතාවට උපයෝජනය වන ආකාරයට සංවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments