සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක...

ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ.

මෙවැනි නිල සංචාර තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වුහ.

එම සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා Shri Om Birla මහතා ඉන්දීය පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේ දී හමු වී සාකච්ජාවක නිරත වූ අතර, එහිදී කථානායකවරයා අවධාරණය කරන ලද්දේ මෙවැනි සංචාර තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන් පාර්ලිමේන්තු සහයෝගීතාව, සෞඛ්‍ය, මාධ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.

දූත පිරිස සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනට සෞඛ්‍ය විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre for Excellence in Health) නිරීක්ෂණය, ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ඇතුළත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments