සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ගුවන් තැපෑලෙන් ලැබී තිබූ පාර්සලයක රුපියල් කෝටි තිස්එකකට අධික මත්ද්‍රව්‍ය

ගුවන් තැපෑලෙන් ලැබී තිබූ පාර්සලයක රුපියල් කෝටි තිස්එකකට අධික මත්ද්‍රව්‍ය

සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගුදමක් වෙත ගුවන් තැපෑලෙන් ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී රුපියල් 31 කෝටි 20 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

ඒ, අද (03) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී ය.

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් සොයාගෙන තිබේ.

මේවා කුරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියාව, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

අදාළ පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් සිදුකළ විමර්ශනයේදී අදාළ ලිපිනයන් සියල්ල ව්‍යාජ බවට අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments