සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා...

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ලේ…

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.

ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉක්මවා ගිය දරුවන් සංඛ්‍යාව 51,969කි.එය 17.11%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වෙයි.

පසුගිය වසරට සාපේක්ෂව එය 1.06% වැඩිවීමක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙනි.

එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.

දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී තිබේ.දිස්ත්‍රික් මට්ටමින් ලකුණු 70 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු ලබාගත් දරුවන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එහි දෙවන සහ තෙවන ස්ථාන හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට හිමිවී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments