සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPරුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ....

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ….

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිළධාරින් සමත්වී ඇත. අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා බැංකොක් නුවර සිට දිල්ලි හරහා මෙරටට පැමිණ ඇත. කිලෝග්‍රෑම් 10.75ක් පමණවන මෙම කුෂ් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ පිටවීමට යාමේදි ගුවන් තොටුපොළ රේගු නිළධාරින්ගේ අත් අඩංගුවට පත්ව ඇති අතර එහි වටිනාකම රුපියල් දසකෝටි පනස් ලක්ෂයක් බව රේගු බළදාරීහු පවසති.
ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය තුළ මෑතකදී සවි කරන ලද අති නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කුශ් තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව ගුවන් තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments