සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය සඳහා ඩබල් කැබ් රථ 07 ක්.

සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය සඳහා ඩබල් කැබ් රථ 07 ක්.


ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්
අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම ඊයේ (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
ඒ අනුව නුවර දිස්ත්‍රික්ක‌යේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් නිල වශයෙන් කැබ් රථ බාරදීම මෙහිදී සිදු විය.
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45 ක් ලබාගැනීමට කටයුතු කර තිබූ අතර, 2022 ජනවාරි මාසයේ දී ඉන් ඩබල් කැබ් රථ 38 ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි. එම වැඩපිළිවෙලේ මැතක දී මිල දී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්වන චාමික ගමගේ, සුනිල් ගලගම, ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග දිල්හාන් සෝමපාල, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවක පිරිසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments