සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කට අලෙවිකොට වරද පිළිගත් අයට දඩ...

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කට අලෙවිකොට වරද පිළිගත් අයට දඩ…

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300 බැගින් අලෙවිකල බවට වරද පිළිගත් පානදුර, සරික්කන්මුල්ල ප්‍රදේශයේ වෙළදසැලකට 2025.10.02 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදි.

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310 බැගින් අලෙවිකල බවට වරද පිලිගත් කළුතර,නාගොඩ ප්‍රදේශයේ වෙළදසැලකට (03) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදි.

කීරි සම්බා සහල් පාලන මිලට අලෙවිය සිදු නොකර සගවා තබාගනිම්න්, විකිණීම ප්‍රතික්ෂේප කල බවට වරද පිලිගත් හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙලදසලකට 2025.10.02 දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 20,000 දඩයක් හා ඔහු සන්තකයේ තිබූ කිලෝ 5 කීරි සම්බා ඇසුරුම් 25ක් රාජසන්තක කිරීමට නියම කරන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments