සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරති.

ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරති.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දුපත් ආසන්න මුහුදු ප්‍රදේශයේදී එම ධීවරයින් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි අදාළ ධීවරයින් පැමිණි බෝට්ටු 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදීමට නියමිතය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments