සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedතරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී අරඹයි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී අරඹයි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිනිඳු සමන් කුමාර හෙන්නායක සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය. එම කටයුතු අද (13දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය. රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යවරුන් විසින් කාර්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ වෙනස් වූයේ වගකීම් මිස තනතුරු නොවන බවයි. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එරංග ගුණසේකර ක්‍රියාත්මක කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත්, නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට ද පැවරෙන්නේ එම ප්‍රතිපත්තිය මත හිඳිමින් කටයුතු කිරීම බවත් ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments