සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්වයසක කාන්තාවන් සංචාරක වීසාවෙන් ඩුබායි යවන්න හදලා...

වයසක කාන්තාවන් සංචාරක වීසාවෙන් ඩුබායි යවන්න හදලා…

සැකකරු කාර්යාංශයේ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගනී

වයස අවුරුදු 58-60 අතර කාන්තාවන් සංචාරක වීසා උපයෝගි කරගනිමින් ඩුබායිහි ගෘහසේවිකාවන් වශයෙන් යොමු කිරීමට මුදල් අයකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් (14) උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු, මෙත්සර හවුස්මේඩ් සර්විසස් නමින් බැද්දගාන පාර, කෝට්ටේ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, එහි දේශීය ගෘහසේවිකා රැකියා ලබාගැනීම සඳහා පැමිණෙන කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි දෙකක් ලැබී තිබුණි. ඉන් එක් කාන්තාවක් සංචාරක වීසා මගින් ඩුබායි හි රැකියා සඳහා යොමුවී රැකියාව නොලැබීම හේතුවෙන් යළි මෙරටට පැමිණ ඇත. අනෙක් කාන්තාව සැකකරුට විදේශ රැකියාව ලබාගැනීම සඳහා මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබාදී නොමැත.

එම පැමිණිලි අනුව මොහු රුපියල් ලක්ෂ 11ක මුදලක් වංචාකර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෝට්ටේ ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත විමර්ශන නිළධාරීන් ගියද, එහි එවැනි ආයතනයක් තිබී නොමැත. ඒ අනුව උපාය දූතයෙකු මගින් කරුණු සොයා බලා සැකකරු තාවකාලිකව රැදී සිටි උඩහමුල්ල, සුහද මාවත ප්‍රදේශයේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක්, ජීව දත්ත පත්‍රිකා, වීසා ලේඛන ඇතුලු ලේඛන රැසක් නිළධාරීන් භාරයට ගන්නා ලදී.

වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු හෙට දින (10/15) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments