සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක්...

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ.

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. ඊට අදාළ පත් කිරීම් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් සිදු කරනු ලැබූ අතර එම කමිටු සාමාජිකයන්ගේ නම් පහත පරිදි වේ.

·        ආචාර්ය ජානක ජයලත් – සභාපති (අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශන මණ්ඩල සභික),මහාචාර්ය තුෂාර චාමින්ද – සමාජික (ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය),මහාචාර්ය ජේ.සී. එන් රාජේන්ද්‍ර – සාමාජික( වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කවුන්සිල සාමාජික),ආචාර්ය කේ.ඒ. ලලිතධීර – සමාජික (අධ්‍යක්ෂ ජනරාල්, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව),ඉංජිනේරු එස්.බී. අනුර දේශප්‍රිය සේමසිංහ – සාමාජික (ප්‍රධාන විධායක නිලධාරි, මධ්‍යයම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා/ අබුඩාබි,හිමාලි ඩබ්. කේ අතාවුදගේ – කැඳවුම්කරු (අතිරේක ලේකම්, වෘත්තීය අධ්‍යාපන අංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments