සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්ආදරයෙ අරුත රැගෙන" රැයක් හෝ පැයක්"(30) දා ඔබේ සිනමාහලට.....

ආදරයෙ අරුත රැගෙන” රැයක් හෝ පැයක්”(30) දා ඔබේ සිනමාහලට…..

දිගු කලක් ආදරයෙන් ඇසුරු කර සෙනෙහසින් අතිනත බැඳුණත් , චංචල හිත් වෙනස් වෙන්නේ නිමේෂයකින් . විඳීමට ඇති ජීවිත විඳවන්නට වූ දින , දාරක ප්‍රේමය වෙනුවෙන් මවකට කළ නොහැක්කක් නොමැත . ” 90′ දශකයේදී තිරයට පිවිසි ප්‍රවීණ රංගන ශිල්පී ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ” රැයක් හෝ පැයක් ” චිත්‍රපටිය ඔක්තෝම්බර් 30 වන දින සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. ඉවසීමේ සීමාව ඉක්මවා අධික මානසික පීඩනයට ලක්වූ කල , බොහො දේ සිදුවන්නෙ නොසිතු නොපැතු අයුරිනි . සෑම කාන්තාවක් විසින්ම නොවරදවා නැරඹිය යුතු ආදර්ශමත් කතා තේමාවක් මත නිර්මිතව , ඉන්දු ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසින් තිරයට පිවිසෙන ” රැයක් හෝ පැයක් ” සඳහා චන්න පෙරේරා, ලාල් වීරසිංහ , දිල්රුක්ෂි වීරප්පෙරුම , කුමාර ජයකාන්ත , රජිත හිරාන් , නොෂින් ද සිල්වා සමගින් රුද්‍රා, සන්ජනා නයිදු , යෝගිරාම් ඇතුළු ඉන්දියානු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් ඔපවත් වී ඇත. ආර් කුලන්දායි යේසු කතාව සහ තිර රචනය ලියා ඇති අතර , කැමරා අධ්‍යක්ෂණයෙන් තංගයියා මාඩසාමි , කලා අධ්‍යක්‍ෂණයෙන් එම් . සෙල්වරාජ් සමගින් නාලක කුරුප්පුආරච්චි, සටන් අධ්‍යක්ෂණයෙන් ෂේන් අර්යන් සහ එස්.ආර්. මුරුගන් ,
සහය අධ්‍යක්ෂණයෙන් චාමර බලන්ගොඩ , සාධුනී ජයපත්මා සුබ්‍රමණි , ගීත ගායනයෙන් නොයෙල් රාජ් පීරිස් , චම්පා කල්හාරි , දිනූෂ නානායක්කාර, ශෂිකා මධුෂානි ද ,ගීත රචනයෙන් සුනිල් ධර්මසිරි සමගින් හර්ෂ උඩකන්ද , පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයෙන් සජිත් ඇන්ඩසන් සහ සම්පත් ප්‍රනාන්දු , විධායක නිෂ්පාදනයෙන් මංජුලා ද සිල්වා සමගින් නිශාන්ත ප්‍රදීප් එක්ව ඇති “රැයක් හෝ පැයක්” ධනුෂි ප්‍රේමරත්නගේ නිෂ්පාදනයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments