සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedසමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ...

සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන
ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments