සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedමහජන දිනයකදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ...

මහජන දිනයකදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය තරයේ හෙළා දකින බවත් සමාජයේ මිලේච්ඡත්වය කෘරත්වය මිනිමරු සංස්කෘතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් එතුමාට සභාවේ වැඩ කරන්න පවා බාධා කර ඔහුගේ ගමනට බාධා කළ බවත් ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් පත්වූ සභාපතිවරයකු මේ ආකාරයට ඝාතනය කිරීම රටේ ඇති ඝාතන සංස්කෘතියේ තවත් එක් කොටසක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසේකර මහතාට අවසන් ගෞරවය දැක්වීමට එතුමාගේ නිවසට පැමිණි අවස්ථාවේ දීය.

රටේ නීතිය හා සාමය අද නැති බවත් රටේ ඇත්තේ කැලැ නීතිය බවත් මේ නිසා පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති නිසා මේ මිනිමරු සංස්කෘතිය නැති කළ යුතු බවත් පවතින පාලනයේ ඇති දුර්වලත්වය නිසා ජන සමාජය විවිධ කල්ලිවල ග්‍රහණයට ලක්ව ඇති බවත මෙය මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතියට පහරක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු නිසා මේ ඝාතකයන්ට දඩුවම් දිය යුතු බවත් මෙතුමාගේ ඝාතනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් මෙන්ම එතුමා දිවුරුම් ප්‍රකාශ හරහා පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලුවත් එය නොදීම ගැනත් සෙවිය යුතු බවත් මෙතුමාගේ පවුලෙ සාමාජිකයන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments