සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රග්බී කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහකයින් හඳුන්වාදෙයි...

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රග්බී කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහකයින් හඳුන්වාදෙයි…

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රග්බි ක්‍රිඩාව වසර 110ක් සපුරයි.

මෙම කාලය පුරාවටම හැව්ලොක් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ බලවේගයක් ලෙස පැවතිණි.

2025/2026 වාරය සඳහා අනුග්‍රහකයින් ලෙස නවතම දේශීය ශක්තිජනක පානයක්වූ ‘ටර්බෝ‘,ෆ්ලයිහයි ස්පෝට්ස්(තුන්වාරයේ අනුග්‍රහකයා), ලංකා හොස්පිටල් පි.එල්.සි.(වෛද්‍ය සේවා සහකරු), ප්‍රීමා සමූහය(සම අනුග්‍රහක),ටි.වි.එස්.ලංකා පුද්ගලික සමාගම (සම අනුග්‍රහක)

මෙම තරඟ වාරය සඳහා හැව්ලොක් කණ්ඩායමවනුයේ නායක ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු නායක සන්දේශ් ජයවික්‍රම,උපනායක ජනිඳු ප්‍රනාන්දු අනෙකුත් ක්‍රිඩකයින් වනුයේ ගල්කිස්ස ශාන්ත තෝමස්, ශ්‍රී සුමංගල,ඉසිපතන, වෙස්ලි, යන විදුහල්වලින් දක්ෂ පාසැල් දස දෙනකුවේ. ඊට අමතරව එච්.නිසල් සහ උදේශ් මධුශංක,(සි.එච්. ඇන්ඩ් එෆ්.සි) හා යෙහාන් බුලත්සිංහල(ශ්‍රි ලංකා පොලිසිය)යන තිදෙනාද එක්ව සිටිති.එමෙන්ම විදෙස් ක්‍රිඩකයින් කිහිප දෙනකුද එක්වෙන බව පැවසේ.

ප්‍රධාන පුහුණුකරු ලෙස සාලිය කුමාර, සහකාර පුහුණුකුර ලෙස අනුරංග වල්පොල හා තරඟ තත්ත්වයට සූදානම් කිරීම සුනිමල් මනම්පේරිගෙනී.

ඉකුත් (04) එම ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments