සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කත අත්අඩංගුවට...

කොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කත අත්අඩංගුවට…

දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් (06) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබුණි. ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන නිළධාරීන් ඇයගේ නිවස වෙත ගියද, ඇය විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට තිබේ.

ඒ අතරතුර අදාළ කාන්තාව අද දින ගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සදහා බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.

එම කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, මීට පෙරද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඉන් ඇප ලබා සිටින තැනැත්තියකි. එසේම වෙනත් පොලිස් ස්ථානවලද ඇයට එරෙහිව විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි පවතින බව විමර්ශනවලදී අනාවරණය විය.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකාරිය (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments