සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 633 ක් ඊශ්‍රායලයට...

මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 633 ක් ඊශ්‍රායලයට…

මේ වසරේ ජනවාරි සිට මෙම (07) දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 633 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා නොවැම්බර් 10 වන දින  ඊශ්‍රායලය බලා යාමට නියමිත 185 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (06) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA)  ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 3023 දෙනෙකු හට හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments