සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම ලෙස අපේ මැතිවරණ සම්මාන ලැබීම හා සමන් ශ්‍රී...

ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම ලෙස අපේ මැතිවරණ සම්මාන ලැබීම හා සමන් ශ්‍රී රත්නායක මහතාගේ කාර්ය භාර්ය ඇගයීමට ලක් කෙරේ…

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

ලෝව හොඳම මැතිවරණ කොමිසම ලෙස බොට්ස්වානාහි ගැබරෝන්හි පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී.ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම සම්මාන දිනා ගැනීමත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ශ්‍රී රත්නායක මහතා වසර තිහක සේවා කාලය නිම කරමින් විශ්‍රාම ගැනීමත් නිමිති කොටගෙන පැෆරල් සංවිධානය සංවිධානය කළ ඇගයීමේ උත්සවයක් ඊයේ(10) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව ලබන(13) රාජ්‍ය සේවයෙන් විශ්‍රාම දිවියට පාතබන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ සේවය ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණේය.
මෙම අවස්ථාවට සභානායක, අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ,හිටපු කතානයකයකුවු කරු ජයසූරිය,හිටපු ඇමැතිවරුන්වූ මහචාර්ය ජි.ඇල්.පීරිස්, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරු හා වත්මන් සභාපති ඇතුළු නිලධාරීන්ද , මැතිවරණ නිරික්ෂණ සංවිධානවල නියෝජිතයින්ද එක්වසිටියහ.
මැතිවරණ කොමිෂන් සභාව අගය කරමින් හිටපු සභාපතිවරුන් වන මහින්ද දේශප්‍රිය, නීතීඥ නිමල් පුංචිහේවා හා වත්මන් කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක යන මහත්වරුන්ට එහිදී ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානයක් සිදුකෙරිණි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් විශේෂ සම්මානයක්ද පිරිනැමුවේය.

මෙහිදි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහන හෙට්ටිආරච්චි මහතා සියලු දෙනා පිළිගනිමින් විශ්‍රාම යන සමන් ශ්‍රී රත්නායක මහතාට සුභ පැතුම් එක්කළේය.

මීට අමතරව ඇමැති විමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පැමිණ සිටි පක්ෂ නායකයින්, වෙනත් සිවිල් සංවිධාන නියෝජිතයින් සුභ පැතුම් එක් කළහ.

මැතිවරණ කොමිෂන් සභාවන් නියෝජනය කළ හිටපු කොමසාරිස්වරුන්ද දිස්ත්‍රික් මැතිවරණ සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු නිලධාරිහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments