සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedකිරින්ද අඳගල වැල්ලේදී විෂ මත්කුඩු තොගයක් සමග අට දෙනකු අත්අඩංගුවට...

කිරින්ද අඳගල වැල්ලේදී විෂ මත්කුඩු තොගයක් සමග අට දෙනකු අත්අඩංගුවට…

මත්ද්‍රව්‍ය ජාවාරමෙක්වන ඩුබායි රන්මල්ලිගේ මත්ද්‍රව්‍ය යන්න සැකයක්.

කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හාරසීයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුවි ඇත.

ඒ අනුව මෙම තොරතුර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණු පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අද අලුයම කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදි පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති බවටය.

කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන ආ මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් තිබූ අතර ඒවා රැගෙන ඒමට ගිය සැකකරුවන් 7දෙනෙකු වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19ක්ද මෙහිදී ගොඩබිමට ගෙනැවිත් කිරින්ද පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

කිලෝග්‍රෑම් 345ක් පමණ බරකින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැකකෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා කිරින්ද පොලිස් ස්ථානය ආ අතර පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණි.

ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන රථවාහන 6ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.මේ අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ වෙරළ තීරය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුවූ බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments