සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආරක්ෂක පුවත්ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි  අන්තර්ජාතික...

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි  අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික  සමුද්‍රිය සීමා හමුව (International Maritime Boundary Line meeting), (11) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රිය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවේ INS Sukanya නෞකාවේදී සාර්ථකව පැවැත්විණි.

දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර  අන්තර් සහයෝගීතාවයෙන් සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් මඟින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම, මෙම වාර්ෂික හමුවේදි  සිදු කරනු ලබයි.

ඒ අනුව, 35 වැනි වරට පවත්වන ලද මෙවර හමුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස උතුරු  නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ  ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් සතිෂ් ශේනාඉ  (Rear Admiral Satish Shenai – Flag Officer Commanding Tamil Nadu and Puducherry Naval Area) ගේ ප්‍රධානත්වයෙන් සහභාගී විය.

මෙම රැස්වීමේදී දෙපාර්ශවය විසින් දෙරටේ සමුද්‍රීය සීමාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සහ මීට පෙර පැවති අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුවීම තුලදී සාකච්ඡා කෙ‍රුණු කරුණුවලට අදාල ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම රැස්වීම සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ, ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) ද මේ සඳහා සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments