සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ 5 වන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම පිළිබඳව සුභාශිංසන...

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ 5 වන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම පිළිබඳව සුභාශිංසන පිරිනැමීම.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ 5 වන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම පිළිබඳව පැෆ්රල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සුභපැතුම් ඔබතුමා වෙත පිරිනමමු.

කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඔබතුමා පත් වනුයේ ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන් ක්‍රියාත්මක වන රටවල් අභිභවමින් ලොව හොඳම මැතිවරණ කොමිසම ලෙස පිදුම් ලැබූ ස්වර්ණමය අවධියකය. සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ඔබතුමා මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ වැඩ භාර ගනු ලබන්නේ අත්දැකීම් බහුල එක් එක් යුගයන් පිළිබඳව මනා අවබෝධයක් සහිත නිලධාරියෙකු ලෙසිනි.

එකී අත්දැකීම් තුලින් වර්තමානයේ මැතිවරණ කොමිෂන් සභාව දිනාගෙන ඇති කීර්තිනාමය ඉහළට ඔසවා තබන්නට ඔබතුමන්ගේ ධූර කාලය තුළ බොහෝ අවස්ථා නිර්මාණය වී ඇති බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2030 උපාය මාර්ගික සැලැස්ම අනුව සහ මැතිවරණ ක්‍රියාවලියට සමීපව කටයුතු කරන ලබන පාර්ශවයන් කාලයක සිට ඉල්ලා සිටි මැතිවරණ ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කිරීමට අවැසි කඩිනම් පියවර වත්මන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ගනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු. එමෙන්ම දැනට නීතිය තුළ අතරමං වී ඇති පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මග පෙන්වීම මත සුදුසු කඩිනම් පියවර ගැනීම පිළිබඳවද ඔබතුමාගේ අවධානය යොමු වනු ඇතැයි අප විශ්වාස කරමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments