සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශපාලන පුවත්ත්‍රීකුණාමලයේ සිද්ධිය ගැන සොයා බලන්න ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ආරම්භ කරන්න...

ත්‍රීකුණාමලයේ සිද්ධිය ගැන සොයා බලන්න ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ආරම්භ කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්‍රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදු වූ දේ ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්‍රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 2014 පූජා භූමි ඔප්පු ලැබුණත් දැන් අර්බුධයක් නිර්මාණය වී බුදුපිළිම ප්‍රවාහනකරුවන් බවට පොලිසිය පත්ව ඇති බවත් මේ බුදුපිළිමය ඉවත් කරන්න අයිතියක් නොමැති නිසා වරද පිළිගෙන අන්තිමේ දී පොලිසිය බුදුපිළිමය නැවත ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධශාසනයට ප්‍රමුඛස්ථානය මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ගෞරවය ලැබෙන බවත් මේ තත්ත්වය තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපිත වී එය රටේ ජනාධිපතිවරයාගේ පාලනයට නතු විය යුතු බවත් මෙවැනි ගැටලු ඇති වූ විගස ඒවා පොලිසියට බාර දිය නොහැකි බවත් රටේ නායකයා මේ ප්‍රශ්න විසදිය යුතු බවත් සෙසු ආගම්වල මෙවැනි ගැටලු එන විට පවා එදා ඒ ගැනත් කතා කළ බවත් නියම බෞද්ධයා කෙසේ වුවත් අද බෞද්ධකම විකෘති කර විවිධ කණ්ඩායම් සිටින නිසා මේ තත්ත්වය තුළ ජාතික ඒකාග්‍රතා කමිටුවක් ඇති කරන ලෙසත් ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නවලින් පැන නොගොස් මේවාට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමරපුර මහා නිකායේ මහානායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් මේ ප්‍රශ්නයට මුල් වී ඇති සියලු කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා මේ ගැටලුව විසදිය යුතු බවත් මෙවැනි ගැටලු ගණනාවක් රටේ ඇති නිසා ඒවට විධිමත් විසදුම් ලබා දි සාමය සංහිදියාව එකමුතුභාවය සැබෑ ජනතා සෛරීත්වය ශක්තිමත් කරන්න විපක්ෂය පවා සූදානම් බවත් පොලිසියට පන්සල් ඇතුළට ගොස් ස්වාමීන් වහන්සේලාට ගහන්න අයිතියක් නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සිද්ධස්ථානවලට අදාළ ප්‍රශ්න ඇති වන විට සමගි ජන බලවේගය පැහැදිලි ස්ථාවරයේ සිට ගින්නක් ඇති වෙනවා වෙනුවට සාමය ඇති කරන්න කටයුතු කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments