සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්දේශීය කැකුළු සම්බා හා කීරි සම්බා පාලන මිලට වැඩියෙන් අලෙවි කළ වෙළඳුන්ට...

දේශීය කැකුළු සම්බා හා කීරි සම්බා පාලන මිලට වැඩියෙන් අලෙවි කළ වෙළඳුන්ට දඬුවම්…

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන් සිදු කරන ලද වැටලීමකට අදාලව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සැලක් වරද පිලිගැනීමෙන් පසුව රු.500,000 ක දඩ මුදලක් (24) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළද සැලකට රු.200,000 ක දඩ මුදලක් (24) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සදහා මුදල් අය නොකර ලබා දීම සම්බන්ධයෙන් වරද පිලිගත් ව්‍යාපාරිකයෙකුට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු.10,000 ක දඩ මුදලක් (24) දින නියම කරන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments