සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක්  කැඩී යාමෙන්  ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික...

ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක්  කැඩී යාමෙන්  ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි

 අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව  මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දිනය පුරා නාවික  හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.

ඒ අනුව, අද උදෑසන වන විට ( 01) ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු  මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් සඳහා සූදානම්ව තබා ඇත.

තවද, මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම නාවික හමුදාව අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments