සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedනොවැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මාසයට වඩා අඩුවීමක්...

නොවැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මාසයට වඩා අඩුවීමක්…

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 නොවැම්බර් මාසය සඳහා 2.1% ක් වාර්තා වී ඇත. එය 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ද 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% ලෙස වාර්තා වන අතර 2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5% ක් ලෙසයි.
එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.7% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.4% ක් ලෙස වාර්තා විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments