සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්තමිල්නාඩු රජයෙනුත් සහනාධාර රැගත් නැවක් ශ්‍රී ලංකාවට.

තමිල්නාඩු රජයෙනුත් සහනාධාර රැගත් නැවක් ශ්‍රී ලංකාවට.

චෙන්නායි වරායේ සිට මෙට්‍රික් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැවක් කොළඹ බලා පිටත්ව තිබෙනවා. දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ආහාර සහ රෙදිපිළි රැගත් මෙම නැව තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් පිටත් කර හැර තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් මහතා සිදු කළ ඉල්ලීමකට අනුව සිදු කර තිබෙන මෙම පරිත්‍යාගය සංකේතාත්මක ගනේෂ් මහතා වෙත මහඇමති ස්ටාලින් මහතා විසි අද (06) පෙරවරු ප්‍රදානය කරනු ලැබුවා. මෙම අවස්ථාවට තමිල්නාඩු රජයේ නිලධාරීන් ද චෙන්නයි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments