සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකසාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති.

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති.

ඉන්දියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහේශි කොළොන්නේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මහා බෝධි මහෝත්සවයට මධ්‍ය ප්‍රදේශ් මධ්‍ය ප්‍රදේශ පංචායත් සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප‍්‍රහ්ලාද් සිං පටෙල් (Prahalad Singh Pater) රාජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රී නාරායන් සිංග් පන්වාර් (Shri Narayan Singh Panwar),ශ්‍රී ධර්මේන්ද්‍ර සිංග් ලෝඩි (Shri Dharmendra Singh Lodhi) නරේන්ද්‍ර ශිවාජි පටෙල් (Shri Narendra Shivaji Patel) ) ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී වූහ.
විශේෂ ආරාධිතයන් ලෙස ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි (Dr.Prabhuram Chavdri සහ සුරේන්ද්‍ර පට්ටා,ශ්‍රී යශ්වාන්ත් සිං යන අය ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ප‍්‍රහ්ලාද් සිං පටෙල් මහතා පළමුව ස්වභාවික ව්‍යසනයේ විපතට පත් ලාංකාවේ ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කරමින් කියා සිටියේ මියගිය ජනතාවගේ ඥාතීන් සමඟ සහ විප්පතට පත් ජනතාවට ඉන්දීය ජනතාව ද එම ශෝකය බෙදා ගන්නා බවයි.
අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ සරණින් විපතට පත් ජනතාව කඩිනමින් යථා තත්ත්වයට පත් වේවා යැයි බානගල උපතිස්ස නා හිමියෝ මෙහි දී ආශිර්වාද කළහ.
සාංචි මහාබෝධි මහෝත්සවයට සමගාමීව පැවති සංස්කෘතික ප්‍රසංගයේ දී ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල කලාකරුවන් සමඟ ශ්‍රී ලංකාවේ කරුණාදාස ඔලබොඩුව පාරම්පරික නර්තන ආයතනයේ ශිල්පීන් ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රසංගය පැමිණි සියලු දෙනාගේ ඉමහත් ප්‍රසාදයට පත් විය.
ලංකාව, ජපානය,වියට්නාමය, සිංගප්පූරුව,තායිලන්තය, බුරුමය ආදී රටවල් රැසකින් ද
ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් පැමිණි බෞද්ධ බැතිමතුන් රාශියක් මෙම උත්සවයට සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments