සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්හෙලවුඩ් කලා ආයතනයේ ශිල්ප හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කලා අඹරට...

හෙලවුඩ් කලා ආයතනයේ ශිල්ප හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කලා අඹරට…

අනුර ‍ ප්‍රේමලාල්

සුගත් සමරකොන් මහතාගේ නිර්මාතෘත්වයෙන් පවත්වාගෙන යන හෙලවුඩ් කලා ආයතනය හයවන වරටත් පැවැත්වූ එම කලා ආයතනයේ ශිල්ප හැදෑරු ශිෂ්‍යශිෂ්‍යාවන්ට සහතික පත් හා කලා ශිල්පි හැඳුනුම්පත් ප්‍රදානය ඉකුත් (18) කොළඹ 07, සිංහල සංස්කෘතික ආයතනයේ සිදුකෙරිණි..

මෙම උත්සවය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය,ප්‍රවීන රංඟන ශිල්පිණි සුවිනීතා වීරසිංහ හා ප්‍රවීන රංඟධර රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා එම රංඟායතනයෙන් වත්මන් හා ආදිසිසුසිසුවියන්ගේ,කලාශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සිදුවූූහ.

මෙහිදි මෙම රංඟායතනයේ සහතික පත් සියලු අයට කොළඹ 07, සිංහල හා සංස්කෘතික ආයතනයේ සාමාජිකත්වය හිමිකමද ලබාදීමට තීරණයවූ අතර හෙළවුඩ් කලා ආයතනයේ ශිල්ප හැදෑරු සිසුන්ගේ විස්තර ඇතුළත් නළුනිළි බැංකුවක් පිහිටුවමින් වෙබ්පිටුවක් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරීමක්ද සිදුකෙරිණි.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments