සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකමෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති. බෝපාල් හි පැවති අන්තර් ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමුළුවකට සහභාගී වූ අගවිනිසුරුතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු මෙම සාංචි පුදබිමට පැමිණි එම පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට එක්වූ බවත් ඉගෙන විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පවසති.ඊට අමතරව මියන්මාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ මෙරට මහාධිකරණ විනිසුරුවරුන් පිරිසක් ද පසුගිය දිනක සාංචි පුද බිමට පැමිණි බව සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසතිි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments