සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeBusinessජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ලෙස ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා පත්...

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ලෙස ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා පත් වේ.

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන
ජොන්ස්ටන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජොනි ප්‍රනාන්දු මහතා
ඉංජිනේරු, ඉදිකිරීම්, සැපයුම්, ඇසුරුම්කරණය, මුද්‍රණය සහ දේපළ සංවර්ධනය යන ක්ෂේත්‍රාශ්‍රිත ඔහුගේ පවුලට අයත් සමාගම්වල සම හිමිකරු සහ අධ්‍යක්ෂවරයෙකි.

ඒ මහතා වර්තමානයේ ( Peoples Insurance plc ) පීපල්ස් ඉන්ෂුවරන්ස් හි විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද
ශ්‍රී ලංකා මුද්‍රණ මාධ්‍ය ඇකඩමියේ සභාපතිවරය ලෙස කටයුතු කරන
කරයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (Peoples leasing & Finance plc) පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් (Peoples Alilance Leasing & Finance plc – Bangladesh ) එලායන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (බංග්ලාදේශය) වැනි සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරූ ඔහු ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද විය.

BCI කැම්පස්, කොළඹ කතෝලික මුද්‍රණාලය, ශ්‍රී ලංකා ජාතික රෝහල යන ආයතන වල උපදේශක සහ පාලන සාමාජිකයෙකු ලෙස ද ජොනී ප්‍රනාන්දු මහතා සේවය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments