සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල මහත්මිය‌ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව..

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල මහත්මිය‌ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව..


හෙළයේ ගීත කෝකිලාවිය අභාවප්ප්‍රප්තවූයෙන් අවසන් කටයුතු රාජ්‍ය ‌ගෞරව සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ඇය මියයන විට 91 වන වියේ පසුවූ ඇය වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබීය.

ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙස ය.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ ‘ගී රාජිනිය’ ලෙස ද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී “එදා රෑ” චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී තිබේ. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මහත්මියගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා දෙසැ.31 බදාදා නිදහස් චතුරස්‍රයේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එදින පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments