සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි…

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි…

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

පත්වීම් ලබා ගැනීමෙන් අනතුරුව, ඒ මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ඒ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

මෙම ප්‍රවෘත්ති නිවේදනය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමඟ යොමු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments