සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeසමාජසේවාකොළඹ රතුකුරුසය ලිං 2150 පිරිසිදු කරයි.

කොළඹ රතුකුරුසය ලිං 2150 පිරිසිදු කරයි.

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව කොලොන්නාව,හෝමාගම, සීතාවක,කඩුවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ලිං පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයක් පිරිසිදු කර අවසන් වී ඇතැයි ද සෙසු ලිං පිරිසුදු කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ශ්‍රී ලංකා රතුකරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.
ඉදිරි මාස දෙක තුළ සෙසු ලිං සියල්ල පිරිසිදු කිරීම අවසන් කරන බව ද මේ සඳහා ජාත්‍යන්තර රතු අඩ සඳ සමාජ සම්මේලනය (IFRC) ආයතනය (රු.112,000,00.00) මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇතැයි කොතලාවල මහත්මිය පෙන්වා දුන්නාය.
ඊට අමතරව ලිං පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සහ මෙම ගංවතුර අවහිර වී ඇති කොළොන්නාව ප්‍රදේශයේ (ඇල මාර්ග,කානු පද්ධති) අපජලපවාහන පද්ධතිය විධිමත් කිරීමේ වැඩසටහන සඳහා Chevron ආයතනය (රු. 5,000,000.00 ) අනුග්‍රහය දක්වා ඇතැයි ද ජල ගැල්මට හසු වූ ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වා ගෙන යෑම ද මේ දිනවල කරගෙන යන බව කොතලාවල මහත්මිය පැවසුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments