ඉසෙඩ් එම් ක්‍රිකට් සමාජය විසින් අඛණ්ඩව පස්වැනි වරටත් පවත්වනු ලබන සම්මාන උළෙල පසුගියදා කොළඹ රැඩිසන් හෝටලයේදී පැවැත්විණි. එය සමාජයේ සභාපති සාලික් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දකුණු ආසියානු ශූරි සෆියා යමික් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
වැඩිම කඩුලු ලාභියා සාලික් මොහොමඩ්, වැඩිම ලකුණු ලාභියා ෂෆීක් සජිත්, හොඳම පිතිකරු ප්‍රමෝදය කසුන්, හොඳම පන්දු යවන්නා සාලික් මොහොමඩ්, හොඳම පන්දු රකින්නා රුස්තුන් මිස්කින්, වටිනාම ක්‍රීඩක චතුරංග බණ්ඩාර සහ විනයගරුක ක්‍රීඩක එම්.එන්.එම්. රිල්වාන් සහ නැගී එන ක්‍රීඩක යසින්ත ලක්ෂාන් යන මහත්වරුන්ට අමුත්තන්ගෙන් සම්මාන පිරිනමන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් මහතා සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දකුණු ආසියානු ශූරි සෆියා යමික් මෙනෙවිය යන අයට සමාජයේ සභාපතිවරයා විසින් ඇගයීමේ සංකේතයක් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහනේ හිටපු සභාපති බිම්සර සංජය ජයසිංහ සහ ක්‍රිකට් විනිසුරු පාලිත ප්‍රදීප් කුලතුංග යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



