යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ගංජා වගාවක් වටලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත (22) දින හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් සමඟ සිදුකරනු ලැබු ඒකාබද්ධ මෙහෙයුමකදී හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිතයේ අක්කර 3.5 ක පමණ භූමියක වගාකර තිබු රු.කෝටි 2.5 කට ආසන්න වටිනාකමින් යුත් ගංජා ගස් 42000 ක් සහ කැලෑව තුල වියලීමට සකසන ලද රු. ලක්ෂ 13 කට ආසන්න වටිනාකමින් යුත් ගංජා කිලෝ ග්‍රෑම් 32 ක ප්‍රමාණයක් සමඟ කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබයි.



