ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කීර්තිමත් පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස ඇපෙක්ස් කැම්පස් හඳුන්වාදිය හැකිය. 2012 වර්ෂයේ ආරම්භ කෙරුණු මෙම පුද්ගලික විශ්ව විද්‍යාලය දශකයකට අධික කාලයක් තිස්සේ උපාධිධාරින් දස දහස් ගණනක් බිහි කොට ඇත. කොළඹ වැල්ලවත්ත ඇපෙක්ස් කැම්පස් ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇති අතර බොහෝ දෙනාගේ පහසුව සදහා අනුරාධපුර ,කුරුණෑගල ,මහනුවර සහ මඩකලපුව යන නගර වල ශාඛා මධ්‍යස්ථාන ද මේ වන විට ආරම්භ කර ඇත. Meera Saibu Jeslin Rishadමහතා ඇපෙක්ස් කැම්පස් හි සභාපතිත්වය දරණු ලබන අතර Meerasaibu Mohammed Riswan මහතා කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
අධ්‍යාපනවේදී උපාධිය , පශ්චාත් උපාධි අධ්‍යාපන කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව, අධ්‍යාපනපති උපාධිය, ව්‍යාපාර පරිපාලන උපාධිය ඇතුළුව ආචාර්ය උපාධිය දක්වා උපාධි පාඨමාලාවන් ඇපෙක්ස් කැම්පස් මගින් හැදෑරිය හැකි වේ.
ඉහත උපාධි පාඨමාලාවන් හැදෑරූ දහසකට ආසන්න විද්‍යාර්ථයින් ප්‍රමාණයක් මෙවර උපාධි ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත.
2025 පෙබරවාරි මස 02 දා පස්වරු 02 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා ප්‍රධාන ශාලාවේදී උපාධි ප්‍රදානෝත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත භවතා ලෙස මාලදිවයින් ජනරජයේ Counsellor Hon. Ali Shereef මහතා ද ගෞරවනීය ආරාධිත භවතා ලෙස PIM ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා ඇතුළු ආරාධිත භවතුන් රැසක් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.



