සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්සිංහල කතා නාද චිත්‍රපටය තිරගතවි වසර 79ක් හා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට...

සිංහල කතා නාද චිත්‍රපටය තිරගතවි වසර 79ක් හා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංසථාව පිහීටුවා වසර 54ක් සපිරීම සනිටුහන් කිරීම විශේෂ සැමරුම් උත්සවයක් අභිමානවත් අයුරින්…..

අනුර ප්‍රේමලාල්

සිංහල කතා නාද චිත්‍රපටය තිරගතවි වසර 79ක් හා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංසථාව පිහීටුවා වසර 54ක් සපිරීම සනිටුහන් කිරීම විශේෂ සැමරුම් උත්සවයක් එම සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගණි සිනමාශාලාවේ (21) පැවැත්විණි.

මෙහිදි ප්‍රවීණ,ජ්‍යෙෂ්ඨ රංඟන ශිල්පිණි ශ්‍රියාණි අමරසේන හා කාර්මික ශිල්පි ඩබ්ලිව්.ජි.පොඩිරත්න මහතාට විශේෂ ගෞරව සම්මානයක් හා මුදල් ත්‍යාගයක් පිරිනැමීම මෙවර සුවිශේෂ සිදුවීමක්විය.

පිළිගැනීමේ කතාව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහාදිවුල්වැව මහතා පැවැත්වූ අතර ආරාධිත ප්‍රධාන දේශනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා පැවැත්විය.

අනුර දහනායක ලියන ලද සිනමා නදිය උඩුගම්බලා ග්‍රන්ථිය එළිදැක්වීම, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා රිද්මා සිනමාශලාවල ප්‍රදර්ශන කොට 2025 වැඩිම ආදායම ලැබු තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ සිනමාපටයට විශේෂ සම්මානයක් ප්‍රධානය කෙරිණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිණි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, ඇතුළු තවත් සම්භාවනී අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

වසර 1925 නිපදවු රාජකීය වික්‍රමය චිත්‍රපටය නිපදවා වසර සීයක් සපීරීම නිමිත්තෙන් විශේෂ මුද්දරයක් හා මුල්දින කවරයක් මෙහිදි නිකුත් කිරීම විශේෂ සිදුවීමක් විය.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments