අඟහරුවාදා, පෙබරවාරි 10, 2026
HomeUncategorizedමෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් GAC Automobile Technologies හි...

මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් GAC Automobile Technologies හි නවතම ප්‍රදර්ශනාගාරය කොළඹ 04 දී විවෘත වේ…

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර ,කොළඹ 04 දරන ස්ථානයේ දී නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගියන්ට ළඟා වීමට පහසු ලෙස නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය හරහා නූතන නාගරික ජීවන රටාවට වඩාත් හොඳින්ම ගැළපෙන විද්‍යුත් සහ දෙමුහුන් (Hybrid) වාහන පිළිබඳ සජීවි අත්දැකීමක් පිරිනමයි.

මෙම සමාරම්භක උත්සවයට සමගාමීව නවතම වාහන මාදිලි ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වා දීම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් විය. ඒ අනුව, ඉහළ පෙළේ විධායක නිලධාරීන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද GAC E9 Plug-in Hybrid (PHEV) මෝටර් රථය සහ දෛනික නාගරික ගමනාගමනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද කුඩා ප්‍රමාණයේ පූර්ණ විද්‍යුත් (Fully Electric) මෝටර් රථයක් වන Aion UT රථය මෙහිදී එළිදැක්විණි.

පර්යේෂණාත්මක මට්ටමට පමණක් සීමා නොවූ, ප්‍රායෝගික මෙන්ම විශ්වාසනීය තාක්ෂණය සමඟ සුඛෝපභෝගී වාහන විසඳුම් මෙරටට පිරිනැමීම කෙරෙහි GAC

සමාගම දක්වන අසමසම කැපවීම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සහ මෙම නව මාදිලි ද්විත්වයක් හඳුන්වා දීම තුළින් ඔස්සේ මැනවින් ඉස්මතු වේ.

මෙම අවස්ථාවට සහභාගිවෙමින් GAC Automobile Technologies (Pvt) Ltd හි විකුණුම් අංශයේ කළමනාකරු කදිරවේල් කූගන් මහතා සිය අදහස් මෙසේ සඳහන් කළේය. “GAC City Showroom යනු හුදෙක් වාහන අලෙවිසැලක් පමණක් නොව ඉන් ඔබ්බට ගමන් කරමින් විද්‍යුත් වාහන සංස්කෘතියකට ශ්‍රී ලංකාව සූදානම් බව පිළිබිඹු කරන විශ්වාසනීය සහතිකයක්. ශ්‍රී ලාංකික රියදුරන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනාගත් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරමින්, විද්‍යුත් හෝ දෙමුහුන් වාහනයකට මාරුවීමේ ක්‍රියාවලිය ඉතා සරල සහ විශ්වසනීය අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණයි.”

GAC E9 නවතම මාදිලිය මෙහිදී වැඩිදෙනෙකුගේ ඉහළ අවධානයක් දිනා ගැනීමට සමත් වූ අතර ඉහළ පෙළේ විධායක වෘත්තිකයන්ට, පවුලේ අවශ්‍යතාවන්ට මෙන්ම ආයතනික භාවිතයන් සඳහා ද එය ඉතා යෝග්‍ය වේ. මෙම රථය කිලෝමීටර 1,032ක් දක්වා වූ උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතින අතර විද්‍යුත් වාහන භාවිතයේ දී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන බැටරි ආරෝපණය පිළිබඳ ගැටලුවට (Range Anxiety) මෙහිදී සාර්ථක විසඳුම් සපයා තිබේ. එම නිසා මෙය නාගරික මෙන්ම දිගු ගමන් සඳහා ද කදිම තේරීමක් වනු ඇත.

පහසුවෙන් හැසිරවිය හැකි පූර්ණ විද්‍යුත් රථයක් වන නවතම Aion UT රථය නාගරික ජීවන රටාවට බෙහෙවින් ගැළපෙයි.මෙය දැරිය හැකි පහසු මිල ගණන් යටතේ ඉහළ

කාර්යක්ෂමතාවයකින් යුතු විද්‍යුත් වාහනයක් හිමි කර ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට නිසැකවම හොඳම විසඳුමක් වේ. විද්‍යුත් වාහනවල ක්‍රියාකාරිත්වය සියැසින්ම දැක බලා ගනිමින් සැබෑ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට, මෙම නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රදර්ශනාගාරය ඔස්සේ පාරිභෝගියන් වෙත අවස්ථාව සලසා දී තිබේ. සාම්ප්‍රදායික වාහනවල සිට නවීන විද්‍යුත් තාක්ෂණය වෙත ප්‍රවේශවීමට අපේක්ෂා කරන පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශ්වාසනීය සේවාවක් සැපයීම GAC හි මූලික අභිප්‍රායයි.

Aion විද්‍යුත් වාහන සඳහා අවශ්‍ය අලෙවියෙන් පසු සේවාවන් සහ අමතර කොටස් පහසුකම් පිරිනැමීමේ කටයුතු දැනටමත් මෙරට තුළ සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය GAC හි විද්‍යුත් වාහන සේවාවන් තවදුරටත් සවිබල ගන්වයි. විද්‍යුත් වාහන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන බෙදාහරින්නෙකු ලෙස පාරිභෝගික විශ්වාසය සහ තිරසාර ප්‍රවාහන සේවාවක් සැපයීමට සමාගම දීර්ඝ කාලයක් පුරා කැපවී සිටියි.

සමාගම සතු නව වාහන මාදිලි, නවීන අලෙවිසැල් ජාලය සහ සහතික කරන ලද තාක්ෂණික විශිෂ්ටත්වය සමඟ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරත්වය ඉදිරියට රැගෙන යාමට GAC Automobile Technologies සමාගම සමත් වී ඇත.

අනාගත ලෝකයට ගැළපෙන නවීන වාහන මාදිලි පිළිබඳ අත්දැකීම විදගැනීමට කොළඹ 04 හි පිහිටි GAC City Showroom වෙත පිවිසීමට සමාගම සියලුම ජනතාවට ගෞරවයෙන් ඇරයුම් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments