බොහෝ පාරිභෝගිකයින් ජපන් වෙළඳ නාම කෙරෙහි දක්වන විශ්වාසය (Brand Trust) අයථා ලෙස භාවිතා කරමින්, ව්‍යාජ ලෙස සකස් කළ විදුලි පංකා අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතියේ රැහැනට හසුකරගනු ලැබීය.
පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් විදුලි පංකාවල නිසි ආනයනකරුවෙකු හෝ නිෂ්පාදකයෙකු පිළිබඳ තොරතුරු පවා සොයාගැනීමට නොහැකි විය.
⚖️ අධිකරණ තීන්දුව:
ඉකුත්(27) මේ සම්බන්ධව නඩු පවරන ලද අතර, වරද පිළිගැනීමෙන් පසුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ ව්‍යාපාරිකයාට රු. 40,000/- ක දඩයක් නියම කළ අතර, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ විදුලි පංකා 20 ක් රාජසන්තක කිරීමටද නියෝග කරන ලදී.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට භාණ්ඩයක් මිලදී ගැනීමේදී මේ දේවල් පරීක්ෂා කරන්න: 👇
1️⃣ භාණ්ඩයේ ලේබලය සහ අකුරුවල ස්වභාවය (Font & Print Quality).
2️⃣ නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම සහ ලිපිනය.
3️⃣ උපරිම සිල්ලර මිල (MRP).
4️⃣ ආයතනික වගකීම් සහතිකය (Company Warranty Card) ඉල්ලා සිටින්න.
5️⃣ මුදල් ගෙවූ පසු පිළිගත් බිල්පතක් ලබා ගන්න.
මෙවැනි නොමඟ යවන සුළු ක්‍රියාවන්ගෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබයි



