දිගින් දිගටම වත්මන් රජය, මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන අඩත්තේට්ටම් කරන පීඩනයට ලක් කරන රටාවක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙය අශිෂ්ට අශීලාචාර පහත් නොගැලපෙන නුසුදුසු ක්‍රියාවක් බවත් මේ නිසා මහා සංඝරත්නය සහ ආගමික නායකයන් කලකිරී කණගාටුවට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
අප රටේ ආගමික සිද්ධස්ථාන පද්ධතිය තුළ රටේ විශිෂ්ට ජන සමාජයක් බිහි කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ආගමික පරිසරයක් තුළ බිහිවන දුවා දරුවන් ශීලාචාර ශිෂ්ටසම්පන්න විනයානුකූල දරුවන් හා පුරවැසියන් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නමුත් අද වන විට ආගමික සිද්ධස්ථානවලට බුදු නමුත් අද වන විට ආගමික සිද්ධස්ථානවලට බුදු පිළිමයක් වැඩම්ම වීම වරදක් කොට සලකා මහා සංඝරත්නය අධිකරණය ඉදිරියට ගොස් ඇති බවත් බුදුපිළිමයක් වැඩම්මවීම අධිකරණ ක්‍රියාවලියට ලක් කිරීම සිදු නොවිය යුතු දෙයක් බවත් රජයක් ලෙස සිදු කළ යුත්තේ පන්සල් පද්ධතිය ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර ඒ හරහා අප රටට ගුණවත් නැණවත් ආගමානුකූල විශිෂ්ට පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම යම් ගැටලුවක් ඇති වන විට එය විසඳා ගැනීමට ජාතික යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් පොලිසිය අධිකරණය හරහා මේ ගැටලු විසඳන්නේ නැතිව එක්සේසත්භාවය සංහිදියාව සහෝදරත්වයේ නාමයෙන් ගැටලු නිර්මාණය වන විට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මහනායක ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තවද දැඩි ලෙස මහා සංඝරත්නය පීඩාවට පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට ලබා දී ඇති මූලිකත්වය පෙරටු කර ගෙන සංහිදියාව කේන්ද්‍ර කර ගත් ආගමික නායකයන්ගෙන් සමන්විත ජාතික ආගමික කවුන්සිලයක් රටට අවශ්‍ය බවත් ඒ එකමුතුභාවය තුළ මේ ගැටලු විසඳා ගත හැකි බවත් මෙවැනි ප්‍රායෝගික විසදුම් ක්‍රියාත්මක නොකර මහා සංඝරත්නය සිරගත කිරිම බුදුදහමට කරන නින්දාවක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



