පකිස්ථානයේ පැවති 9වැනි ‘පකිස්ථාන් ආමි ටීම් ස්පිරිට්’ තරඟාවලියේදී (9th Pakistan Army Team Spirit Competition -2026) විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කම දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ. පසුගිය වසරේ පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රිදී පදක්කම දිනාගත් අතර එය අභිබවා යමින් මෙවර රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
මිත්‍රශීලී විදේශීය රටවල් 19කට අයත් කණ්ඩායම් 24ක් මේ සඳහා සහභාගී වු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම අභියෝගාත්මක තත්ව යටතේ පැවති මෙම තරඟාවලිය පුරාම සුවිශේෂී දක්ෂතා දක්වන ලදී.



