Friday, February 6, 2026
HomeUncategorized2026 වර්ෂයට අදාල ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු පෙබරවාරි 01 දා සිට...

2026 වර්ෂයට අදාල ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු පෙබරවාරි 01 දා සිට ආරම්භ වී ඇත.

2026 වර්ෂයට අදාල ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු පෙබරවාරි 01 දා සිට ආරම්භ වී ඇත. මෙවර ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනයේ තේමාව වන්නේ “ඩිජිටල් සහභාගීත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු යන්නයි.”

ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට නම් ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්යය අවශ්‍යතාවයකි.

ඡන්දහිමි නාමලේඛනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇති සෑම පුද්ගලයෙකුම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි.

මේ අනුව ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන ඡන්ද බලය සෑම පුරවැසියෙකුම සතු වූවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ ඔබගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණි.

2026 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින අතර පෙර වර්ෂ වල මෙන්ම මෙවරද ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් සෑම ගෘහයකටම යාම සිදුනොකරන අතර 2026 ඡන්දහිමි නාමලේඛන කෙටුම්පතට සංශෝධන ඇත්නම් පමණක් ග්‍රාම නිලධාරී විමසීමට කටයුතු කරන්න. එහිදී 2025.02.01 දින සිට 2027.01.31 දින දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන යොවුන් පුරවැසියන් ග්‍රාම නිලධාරීවරයා හමුවී YC ආකෘතිය සම්පූර්ණ කර බාරදීමෙන් පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කර ගත හැකි. ඊට අමතරව පෙර වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ඇතුළත් නොවූ තැනැත්තෙකුගේ නමක් 2026 ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවී ER ආකෘතිය සම්පූර්ණ කර බාරදීමේ හැකියාව පවතී. එමෙන්ම www.elections.gov.lk  වෙබ් අඩවියට පිවීසීමෙන්ද වැඩි විස්තර ලබාගත හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක්‍රියාත්මක කල හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්යය අවශ්‍යතාවයක් බව අවධාරණය කරමු.

ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියකි, එමෙන්ම වගකීමකි. ඡන්දයක් ආසන්නයේ මැසිවිලි නැගීමෙන් පලක් නොවන අතර කරුණාකර මේ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්, අසල්වැසියන්, හිතවතුන් වෘත්තීය සගයන්/සහායකයින් දැනුවත් කරන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments