Home Uncategorized ජෙලට් නයිට් කූරු හා නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ජෙලට් නයිට් කූරු හා නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

0
ජෙලට් නයිට් කූරු හා නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලාය කන්තලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැල්ලව පොලිස් වසමේ කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 875ක් බර නිල් පැහැති ජෙලෙට් නයිට් කූරු අනුතුනක් නීති විරෝධි ලෙන ප්‍රවාහනය කරමින සිටි පුද්ගලයකු එම යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කින්නියා පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.කලවංචිකුඩි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පෙරියනිලාවනි පොලිස් වසමේ කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් හතළිස් හතරක් ළඟ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here