Home ආගමික ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය සමරයි.

ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය සමරයි.

0
3

යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව,සාරනාතය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට
මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්,මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්⁣) එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම සහ පුණ්‍යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා ජී විහාරස්ථානයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධිබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ මහා සංඝරත්නය සහ දායක සභාවේ සහභාගිත්වයෙන් පසුගියදා (17) පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ බානගල උපතිස්ස නායක හිමිපාණන් කියා සිටියේ,අද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සහ මෙරට ප්‍රථම මුදල් අමාත්‍යවරයා ධර්මපාලතුමාගෙන් පසු අනගාරික ධර්මපාල භාරයේ සභාපති වූ සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ද ජන්ම දින සමරුව යෙදී ඇති බවයි.
එසේම වත්මන් භාරතයේ රාජ්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී මැතිතුමන්ගේ ද ජන්ම දිනය දිනය යෙදී ඇති බැවින් එතුමාට ද සුභාශිංෂණ පැතීම ද සිදු කරන බව උන් වහන්සේ මෙහි දී පැවසූහ.

මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකා විහාරවාසී යටවර ප්‍රඥාරාම හිමි,හේනේගෙදර ශීලභද්‍ර හිමි,මොට්ටුන්නේ අංගි රස හිමි,ගලබොඩ අස්සජී හිමි සහ කොස්වත්තේ පාලිත හිමියෝ ද දායක භවතුන් ද එක් වූහ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here