Home දේශීය පුවත් කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ ජංගම සේවා වැඩසටහන් සතියක් ලබන (22) සිට (26)දක්වා..

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ ජංගම සේවා වැඩසටහන් සතියක් ලබන (22) සිට (26)දක්වා..

0
2

ඔබගේ නොවිසඳුණු සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක්

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන් හි සේවයේ නියුතු ඔබට පහත සඳහන් සේවාවන් ලබා ගැනීම සඳහා සියළුම දිස්ත්‍රක් හා උප කම්කරු කාර්යාලයවල විශේෂ ජංගම සේවා වැඩසටහන් සතියක් 2025 සැප්තැම්බර් මස 22 දින සිට සැප්තැම්බර් මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • සාමාජික ඔබගේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම
  • නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම
  • සාමාජිකයින් ලියාපදිංචි කිරීම
  • පැමිණිලි භාරදීම
  • කම්කරු නීතී සම්බන්ධව උපදෙස් ලබා ගැනීම  

එම සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍යනම්) රැගෙන ළඟම පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණෙන්න.

     කම්කරු කොමසාරිස් ජනරාල්

කම්කරු දෙපාර්තමේන්තුව

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here