Home දේශීය පුවත් ත්‍රීකුණාමලය පාසිකුඩා මුහුදේ ගිලෙමින් සිටි දරුවෙකු වෙරළාරක්‍ෂක සාමාජිකයන් විසින් බේරා ගනියි

ත්‍රීකුණාමලය පාසිකුඩා මුහුදේ ගිලෙමින් සිටි දරුවෙකු වෙරළාරක්‍ෂක සාමාජිකයන් විසින් බේරා ගනියි

0
1

 ත්‍රීකුණාමලය පාසිකුඩා මුහුදේ ගිලෙමින් සිටි දරුවෙකු (01) නිරුපද්‍රිතව බේරා ගැනීමට එම වෙරළ ප්‍රදේශයේ ජීවිතාරක්‍ෂක රාජකාරී නියුතු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් 2025 සැප්තැම්බර් මස 17 වැනි දින සමත් විය.

 ඒ අනුව, පාසිකුඩා මුහුදේ පුද්ගලයන් කිහිප දෙනෙකු දිය නාමින් සිටින අතරතුර, ඉන් කුඩා දරුවෙකු (01) දියේ ගිලෙමින් සිටින බවට එම වෙරළ තීරයේ රාජකාරී නියුතු ජීවිතාරක්‍ෂක නාවිකයින් විසින් නිරීක්‍ෂණය කර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමෙන් දියේ ගිලෙමින් සිටි දරුවා නිරුපද්‍රිතව මෙලෙස බේරා ගැනීමට සමත් විය.

 තවද, මෙලෙස බේරාගත් දරුවා වයස අවුරුදු 07ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, මුලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු දරුවා පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.  

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here