Home දේශීය පුවත් ඇඳිරි නිතිය පැනවූ පොලිස් කොට්ඨාශ ගැන සියලු තොරතුරු මෙන්න

ඇඳිරි නිතිය පැනවූ පොලිස් කොට්ඨාශ ගැන සියලු තොරතුරු මෙන්න

0

අද සවස 6.00 සිට යලි දැනුම් දෙනතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 15ක් වෙත ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව පොලීස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ගම්පහ, යක්කල, වැලිවේරිය, වේයන්ගොඩ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගනේමුල්ල, මීරිගම, කිරිඳිවැල, දොම්පේ, වීරගුල, මල්වතුහිරිපිටිය, පූගොඩ, පල්ලේවෙල, දොම්පේ ඇතුළු පොලිස් බල ප්‍රදේශ 15කට මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඊට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වේ.

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති බැවින් සියලු දෙනා නිවෙස්වලට වී සිටිය යුතු බවත් මෙම ප්‍රදේශවලට ඇතුල්වීම හා පිටවීම සම්පුර්ණයෙන් තහනම් බව පොලිසිය දැනුම් දී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here